Saturday, June 20, 2015

Internet of Things(IoT) and Arduino

හුග දවසකට පස්සෙ  අද ගවේෂක ඔයාලට අරන් ආව Electronic සම්බන්ද මේ දවස් වල ජනප්‍රිය #IoT හා සම්බන්ද දෙයක්.

Arduino ගැන අහල ඇතිනෙ කවුරුත් ඒත් දන්නෙ නැත්නම්  #IoT වලට Indtroduction එක්කින්ම පටන් ගන්නම්.

"The Internet of Things (IoT, sometimes Internet of Everything) is the network of physical objects or "things" embedded with electronics, software, sensors and connectivity to enable it to achieve greater value and service by exchanging data with the manufacturer, operator and/or other connected devices based on the infrastructure of International Telecommunication Union's Global Standards Initiative" - WIKI

සරලවම සිංහලෙන් කිව්වොත් electronic උපකරණ භාවිතයෙන් manual දේ automated කිරීමයි.
එමෙන්ම ඒ සදහා යොදාගන්න‍ා Hardware Platform කිහිපයක් නම් ,

  • Arduino


  • Raspberry Pi

  • Banana Pi

  • Intel Galileo



අද වනවිට බොහෝ ව්‍යාපාර IoT පිළිබද විශාල උනන්දුවක් දක්වනවා. 

උදාහරණයක් විදියට කාර්යාලයක කටයුතු ගත් විට බොහෝ සෙයින් එය ස්වයංක්‍රිය පද්ධතියක් බව‍ට පත් වී තිබෙනවා.


ඉහත රූපයේ පරිදි සියලු උපකරනණ එකිනෙක හා සම්බන්ධ වී තිබෙනවා. යම් විටක ගෑස් කාන්කදුවක්,භාහිර පුද්ගලයින් කාර්යාලයට ඇතුලුවීමක් වුවහොත් ඒ බව එසැනින් දැනුම් දීමක් සිදු කරනවා.

ඉතින් මේ වගේ සංකිර්ණ පද්ධති වල අඩිතාලම වෙන්නෙ කුඩා කුඩා circuit වල එකතුවකි. 

 ඒ නිස‍ා ගවේෂක අද Arduino use කරන විදිය මුල සිටම ඔයාලට අරන් එනවා .

අපිට මේ සදහා අවශ්‍යය උපකරණ,
  1. Arduino Borad(Nano/Mega/Uno)
  2. LED Bulb
  3. Resistor 1K
ඉන්පසු LED බල්බය Resistor සමග පහත පරිදි සකසාගන්න. 


(+) අග්‍රය Arduino Borad හි Pin 13 ටත්
(-) GND වෙතත් සම්බන්ද කරගන්න

දැන් USB ‍Cable මගින් Arduino Board එක පරිගනකය හා සම්බන්ද කරගනිමු.

ඉන්පසු Arduino Software එක Open කරගන්න
(To Download Arduino - http://www.arduino.cc/en/Main/Software)

දැන් පහත පරිදි ඔබගේ නිවැරදි Arduino Board එක තෝරාගන්න


දැන් Sample Blink Program එක තෝරාගන්න



පහත පරිදි දැන් ඔබට දිස්වේ 


// the setup function runs once when you press reset or power the board
void setup() {
  // initialize digital pin 13 as an output.
  pinMode(13, OUTPUT);
}

// the loop function runs over and over again forever
void loop() {
  digitalWrite(13, HIGH);   // turn the LED on (HIGH is the voltage level)
  delay(1000);              // wait for a second
  digitalWrite(13, LOW);    // turn the LED off by making the voltage LOW
  delay(1000);              // wait for a second
}


දැන් ඔබේ program එක ,compile කර upload කරගන්න



ඔබ ඔබගේ .program එක Arduino Board එකට Upload කර ඇත. දැන් LED බල්බය Blink වන ආකාරය ඔබට දැක ගත හැකිය.

2 comments: