Wednesday, February 11, 2015

Facebook App- Buddy Cricket

ඔන්න අද World Cup එකට හදපු facebook app එකක තොරතුරු ගවේෂක ඔයාලට ගේනවා 



වසර හතරකට වරක් එළඹෙන 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුමත් සමග අපට දක්නට ලැබෙන නොයෙක් අන්දමේ වැඩසටහන් අතුරින් අන්තරජාලය හා වෙනත් ක්‍රම තුලින් මේ දිනවල අපට නිතරම පාහේ දකින්න අහන්න ලැබෙන ජනප්‍රිය මාතෘකාවක් තමයි Buddy Cricket කියන්නේ. මොකක්ද මේ Buddy Cricket කියන්නේ කියලා තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ.

2015 ලෝක කුසලාන Cricket තරඟාවලිය වෙනුවෙන් දක්නට ලැබෙන වැඩසටහන් අතුරින් ඩ්‍රීම් විෂන් ආයතනය මගින් ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහනක් හඳුන්වා දීමට නියමිතය. මේ අපි අද කතා කරන Buddy Cricket කියන්නේ මේ ක්‍රීඩා වැඩසටහනට තමයි. තවද ඩ්‍රීම් විෂන් ආයතනය මගින් පසුගිය කාලය පුරාවට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්යයන් කීපයක්ම සිදු කල අතර. එමගින් තොරතුරු තාක්ෂණික ක්ෂේස්ට්‍රයේ ඉහල තැනක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනා.

Facebook සමාජ වෙබ් අඩවිය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන හුදෙක් වැඩසටහනක්ම පමණක් නොව ක්‍රීඩාවක් යනුවෙන් ද හඳුන්වා දිය හැකිය. මෙම නව ආරේ විනෝදකාමී වැඩසටහන මගින් ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන් සතුව පවතින ක්‍රිකට් ක්‍රීඩාව පිලිම්බන්දව පවතින දැනුම, තරංග මාලාවේ ජයග්‍රාහී කණ්ඩායම් මොනවද යන බව, ඔවුන් රැස් කරන ලකුණු ගණන සහ තරඟයේ වීරයා කව්ද යන්න වැනි තවත් නොයෙකුත් ක්‍රියාකාරකම් මේ වැඩසටහන මගින් පරිශ්ලකයින්ට අත් විඳීමට හැකියාව ලැබේ.








ක්‍රීඩාවේ අතුරු මුහුණත් කීපයක්


ක්‍රීඩාවේ ස්වභාවය ගැන යමක් කියනවනම් නිත්‍ය ඕවරය යටතේ ප්‍රශ්න 06ක් ද, සුපිරි ඕවරය යටතේ ප්‍රශ්න 03ක් ද, තරංග පදනම් කර ගත වීඩියෝ පට අනුසාරයෙන් අනුමාන ප්‍රශ්නයකටද පිළිතුරු සැපයීමටද අවස්ථාව පරිශීලකයින්ට උදාවෙනවා. ආරංචි විදියට මෙම ක්‍රීඩාවේ ජයග්‍රාහකයින්ට  ත්‍යාග පිරි නැමීමට ඩ්‍රීම් විෂන් ආයතනය පියවර අරන් තියෙනවා. 


මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීමේ එක් ප්‍රධාන බලාපොරොත්තුවක් නම් ක්‍රිකට් ලෝලිත්වය වැඩි කරමින් මෙවර ලෝක කුසලානය ලංකාවට හිමිකර දීමට ජනතාව උද්යෝගිමත් කිරීමට දායක වීම. කෙසේ වෙතත් Facebook රසිකයින් මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගනු නොඅනු මානයි.

No comments:

Post a Comment