Saturday, October 5, 2013

Google Spreadsheet එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි




අද මම Google Drive එකේ Spreadsheet වලින් useful දෙයක් කරන්නයි යන්නේ.ගවේෂක හිතනවා ඔයාලට මේ මම කියලා දෙන පාඩමෙන් පස්සෙ මේකෙන් ඔයාල වැඩක් ගනී කියලා.

මේකෙන් අපි Data Form එකක‍ Fill කරාම ඒ Data  Google Spreadsheet එකකට save වෙන්නයි හදන්නෙ.

මේ post එකෙන් Form එක design කරන විදිය බලමු.
 


ඉස්සෙල්ලම Google Account එකක් තිබීම අත්‍යාවශයි. එහෙම නැත්තන් Account එකක් හදාගමු මෙතනින්.


Select Drive
දැන් Google Drive ඒකට යන්න

දකුණු පැත්තෙ උඩ කෙලවරේ මේ තියන Icon එක උඩ click කරලා menu එක ගන්න



Google Drive එකේ Create මත click කරන්න 
Create -> Spreadsheet
·    
Select Spreadsheet
     



            ඊට පස්සෙ  Spreadsheet එකෙ Tools -> Script Editor යන්න



·         ඊට පස්සෙ  එන Script Writer එකේ පහත කේතය Paste කරන්න
          







//Inserting Data to the form

function showDialog() {

  var app=UiApp.createApplication();//cretae Ui Application

  app.setTitle("My Application");

  var panel=app.createVerticalPanel();//create Panel

  var textBox=app.createTextBox();//create textbox

  textBox.setName('myTextBox').setId('myTextBox');

  var button=app.createButton('Submit');//create submit button

   panel.add(textBox);//add widget to the panel

   panel.add(button);//add widget to the panel

   app.add(panel);//add panel to the application

   var doc=SpreadsheetApp.getActive();

   doc.show(app);

}

ඊලගට My_Script ලෙස save කරගන්න

පසුව Spreadsheet එක තියෙන Tab එකට ගිහින් Tools->Script Manager Click කරන්න

එහි showDialog මත click කර run කරන්න


එවිට ඔබට පහත Dialog Box එක ලැබෙනු ඇත
 


ඔන්න අපි දැන් Form එක හදාගෙන ඉවරයි. ඊලග post එකෙන් මේකෙන් Enter කරන Data Spread Sheet එකට ගන්න විදිය බලමු.

 එසේනම් ඊලග post එකෙන් හමුවෙමු !





No comments:

Post a Comment