Saturday, September 21, 2013

ලුණු වතුර පිරිසිදු පානීය ජලය කරමු

:O දැන් වතුර හදන්නත් පුලුවන්නෙ :

අගහරු වල වතුර හොයන්න යන අපිට ලුණු වතුර බොන්න පුලුවන් කරන එකත් ආයි මහ වැඩක්යෑ කිව්වලු..
හෙහේ...  දැන් මේ වැඩේ මෙන්න මෙහෙමයි වෙන්නෙ..


මේක පට්ට ගවේෂණයක් මොකද වැඩේ ගොඩක් දුරට සාර්ථකයි
ලුණු වතුර කිව්වම NaCl,MgCl2,CaCo3 වගේ ඒකෙ සංයෝග ගොඩක් තියනවනේ. ඉතින් අපි‍ට ඕන කොහොම හරි ඒ වතුර (H2O) pH 5-8 වගේ value එකක තියා ගන්නයි.

මේ වැඩේ හොයාගෙන තියෙන්නෙ University of Texas at Austin and the University of Marburg in Germany වල ‍ගවේෂකයො කට්ටියක්. මෙයාලා මේක මහා පරිමාණව කරන්න පොඩි company එකකුත් පටන් අරන්(ඒකෙ නම-Okeanos Technologies).

මේ වැඩේට මෙයාලා use කරලා තියෙන්නෙ පොඩි chip එකක්. ඒක‍ට කරන්ට් එක දුන්නම ලුණු වතුරෙන් ලුණු අයින් වෙලා වතුර විදියට එලියට එනවා. මේ chip එක ගැන කිව්වොත් මේක ගොඩක් පොඩියි. ඒ නිසා කරන්ට් එකත් ඕන වෙන්නෙ වෝල්ට් 3 ක් විතරයි. (මේක නම් බලශක්ති අර්බුදේටයි ජල අර්බුදේටයි හොද පිලියමක්)

මේ ගවේෂකලා කට්ටිය target කරන්නෙ මේ වතුර බීමටයි වගාවන් වලට දාන්නයි.ඉතින් මේ chip එකට එයාලා patented එකකුත් අරගෙන වැ‍ඩේ ලොතුවට කරන්න හදන්නෙ.



මෙයාලට දැනට තියන එකම අවුල තමි chip එක පොඩි නිසා ඒ එලියට එන වතුරෙ පොඩි ලුණු ගතියක් තියනවාග ඉතින් මෙයාලා හදන්නේ ඒ chip එකේ scale එක වැඩි කරලා 100% ක්ම ලුණු රස නැති පිරිසිදු වතුර ගන්නයි.



*උපුටා ගැනීම- redOrbit.com

No comments:

Post a Comment